panadura-royal-sequrity-death

පානදුර රාජකීය විදුහලේ ප්‍රධාන ආරක්ෂක නියාමකවරයාගේ සිරුර විදුහලේ විද්‍යාගාර ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලෙමින් තිබියදී ඊයේ (19දා) උදෑසන හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.





උදෑසන  ක්‍රීඩා පුහුණුවීම් සඳහා විදුහලට පැමිණ ඇති සිසුන් පිරිසක් එම සිරුර දැක ඇති අතර , පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් ඔස්සේ  පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 වයස අවුරුදු 63 ක පුද්ගලයෙකු වන ඔහ  විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින විද්‍යාගාර ගොඩනැගිල්ලේ කඹයක ආධාරයෙන් සිය ගෙල වැලලාගෙන අලුයම මියගොස් තිබී ඇත.
අලුයම 3.45 පමණ දුරකථනය මගින් නිවසේ අයට කතා කර තමා වැඩ කරන පුද්ගලික ආරක්ෂක අංශයේ ප‍්‍රධානීන් වැටුප් ලබා නොදෙන බව පවසා ඇතැයි පොලීසිය පවසයි.



මෙසේ මියගොස් ඇත්තේ පානදුර ,  වත්තල්පොල , කුරුප්පු මාවතේ පදිංචිව සිටි ලේකම්ගේ පියතිස්ස නැමැති අය බවට පොලිසිය හදුනාගෙන ඇති අතර ඔහු 2014 වර්ෂයේ දී සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවද පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සපොඅ නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.