ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම නාලිකාවේ කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබෙයි.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද භාර දුන්නේය.
ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු මෙන්ම ‘චැට් ඇන්ඩ් මියුසික්‘ වැනි වැඩසටහන් ගෙන එමින් නිවේදකයෙකු ලෙස ඔහු කටයුතු කලේය.
මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවටද පත් ව 2015-2020 කාලයේ පාර්ලිමේන්තුවේ සිටි නමුත් පසුගිය මහමැතිවරණයේදී මනාප මදිවී දෙවැනි වර පත්වීම නොලැබ ගියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval