ඔමික්‍රෝන් ආසාදිත බවට පළමුවරට හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ කාන්තාවට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාව මත අධිකරණය දඩ මුදලක් නියම කර ඇත.
කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාවට
පසුගිය පස්වැනිදා මෙම පුද්ගලයන්ට එරෙහිව මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නඩුවක් පවරනු ලැබීය. එම නඩුව එදිනම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදි මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත්තේ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට රුපියල් දොළොස්දහසක දඩ මුදලක් ගෙවන ලෙසය.අදාළ කාන්තාව සහ ඇගේ සැමියා අප්‍රිකානු රටක් වන නයිජර්හි සංචාරයක නිරතවී පසුගිය නොවැම්බර් මස 24 වැනිදා මෙරටට පැමිණි අතර එහිදි ඇයට කොවිඩ් ආසාදිත වූ බව තහවුරු විය.
පසුව අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා නිවසට ගිය ද ඔවුන්ට කොවිඩ් ආසාදිත වූ බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබුණේ නැත.
(වරුණි පෙරමුණ)
Comments
Post a Comment
Your comment will be visible after approval