මන්නා ආයුධවලින් පුද්ගලයින්ට මරණීය තුවාල සිදුකිරීම හා බියවැද්දීම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට අදාළව එම සැකකරුව පොලීසියට අවශ්‍යව සිටි ඉසුරු නිලන්ත නොහොත් 'මන්නා මලින්ද' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරකට අනුව කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඉන්දියානු පොලිස් අත්අඩංගුවේ පසුවන ලොඩියා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සහායකයෙකු ලෙස සැලකෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval