malkanthi-galhena-speaks

Omicron ප්‍රභේදය සමඟ Covid 19 ආසාදන රට තුළ ඉහළ යමින් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ වන විට රට තුළ Omicron රෝගීන් 48 ක් වාර්තා වී ඇත. අනාගතයේදී Omicron ප්‍රභේදය ආසාදිත රෝගීන්ද Covid 19 රෝගීන්ද නිවෙස් තුළ නිරෝධායනය සිදු කරවීමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.



“පසුගිය සති දෙක තුළ Omicron ප්‍රභේදය සංසිද්ධි වැඩි වීමක් අපි දැක්කා. දැනට අපි රෝගීන් 48ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.‘ ඇය කිවා සිටියාය.
ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ද Omicron රෝගීන් හඳුනාගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Omicron ප්‍රභේදයෙන් ඇති තර්ජනය තේරුම් ගන්නා ලෙසත්, මෙම ව්‍යසනයෙන් රට ගිලී නොයන ලෙස සහතික කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් වෛද්‍ය ගල්හේන මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.