mahindananda-speaks

පොහොර සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා බැවින් පොහොර සම්බන්ධ ගැටලු ඔහුගෙන් විමසා පිළිතුරු ලබා ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගන්නෝරුවේ දී පෙරේදා (08) ඉල්ලීමක් කළේය.කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් පේරාදෙණිය ගන්නොරුවේ දී පෙරේදා (8) විවෘත කෙරුණු අතර



එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ මහ කන්නයේ වී වගාවේ හානිය තක්සේරු කිරීමේ දී රජයෙන් ලබාදුන් කාබනික පොහොර වර්ග හතරම හෝ එක් වර්ගයක් හෝ වගාවලට යොදා ගෙන තිබීම අත්‍යවශ්‍ය බවයි. එසේ නොමැතිව, කාබනික පොහොර භාවිත නොකර වෙනත් හේතු නිසා වගාවට හානි සිදුව ඇත්නම් ඒ පිළිබඳව වෙනම අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.

චීන සමාගමේ පොහොර නැවට මිලියන 67ක් ගෙවීම  ටෙන්ඩර් කොන්දේසි අනුව හා නීතිපතිවරයාගේ උපදෙස් අනුව සිදුවූවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ගනුදෙනුවේ කිසිදු වරදක් හෝ වංචාවක් සිදුව නැති බවද කීවේය.  එම පොහොර සමාගම ඇමරිකන් ඩොලර් මිලියන පහක ඇපකරයක් තබා ඇති බවද එය නිදහස් කර නැති බවද කී අමාත්‍යවරයා නැවත එම සමාගම ගුණාත්මක පොහොර මෙරටට ලබාදීමට එකග වී ඇති බව කීවේය. එසේ එවන පොහොර ද නිසි පරීක්ෂවකින් තොරව

රට තුළට නොගන්නා බවද ඔහු සඳහන් කළේය.

වෙළෙඳපොළේ රසායනික පොහොර සම්බන්ධයෙන් කළුකඩ ජාවාරමක් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවද රසායනික තහනම නිසා එවැනි තත්වයක් ඇති වී තිබුණ ද දැන් රසායනික පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවසර දී ඇති බැවින් වැඩි මිලට පොහොර විකිණීමට වෙළෙඳුන්ට ඉඩක් නැති බවද අමාත්‍යවරයා කීවේය.


(අංජුල මහික වීරරත්ත )