නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්ව සිටි 15 හැවිරිදි දැරිය හමුවූ බව පොලිසිය පවසයි.
ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා තිබූ අතර දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ පසු ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය මවට දුරකථන ඇමතුමක් දී නැවත පැමිණ ඇත.
නේහා කෞමදි හේරත් නමැති මෙම දැරිය පසුගිය ජනවාරි 07 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට නිවැසියන් පැමිණිලි කර තිබුණි.
ගතවූ දින 05 ක කාලය ඇය කොහි සිටියාද යන්න විස්තර ගැන පරීක්ෂණ සිදු කරන අතර ඒ ගැන තවම මාධ්‍ය වෙත හෙළි කර නැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක්ද ලබාගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval