ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු උසස් පෙළ සිසුවකුගේ ‘සී‘ සාමර්ථ්‍යය ‘ඒ‘ ලෙස වෙනස් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම වෙනසට හේතු වී ඇත්තේ උත්තර පත්‍ර බැලීමේ දී සිදු වූ දෝෂයක් නොව පරිගණකයට දත්ත ඇතුළත් කිරීමේ දී සිදු වූ දෝෂයක් බව දැනට නිරීක්ෂණය වී ඇත. විමර්ශනයෙන් අනාවරණය වන කරුණු අනුව සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට අදාළව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණයේ දී සාමාර්ථ්‍යන්වල සුළු වෙනස් කම් සිදු වන නමුත් ‘සී‘ සාමර්ථ්‍යය ‘ඒ‘ ලෙස වෙනස් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
මෙම ප්‍රතිඵලය ලැබී තිබුණේ මහනුවර ධර්මරාජ විදුහලේ රුචිර නිසඟ අබේවර්ධන ශිෂ්‍යයාටය. ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටි එම ශිෂ්‍යයාගේ සංයුක්ත ගණිතය විෂයයේ සාමර්ථ්‍යය මෙලෙස වෙනස් වී තිබූ අතර ඒ අනුව දිස්ත්‍රික් තරාව (rank) 68 සිට 12 දක්වා ඉහළට පැමිණ තිබිණී.
(නිලන්ත මදුරාවල)
Comments
Post a Comment
Your comment will be visible after approval