නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩවත ප්‍රදේශයේ පුද්ගලික හෝටලයක පැවැත්වු සාදයක් පොලීසිය විසින් වටලා තිබේ.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අද (09) අලුයම 3.00ට පමණ එම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම හෝටලය තුළ කන්තාවන් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.
එලෙස පොලිස් භාරයට ගත් කාන්තාවන් සියලුදෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval