hirunika-speaks-sajith

සිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් තිබෙන චෝදනා ගැන අද දින පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විස්තරයක් කළාය.
ඇය මෙසේ කීවාය.
‘සජිත් ප්‍රේමදාසට තියන චෝදනා මොනවද කියන්න.. අනෙක් අයට තියන මිනීමැරුම් වංචා චෝදනා එකක් වත් නැහැනේ. ඒත් යම් යම් චෝදනා තියනවා.. ඔයාලා කියන් නැත්නම් මං කියන්නම්.
එකක් තමා කතාකරනව ටිකක් අමුතුයි. ඉංග්‍රීසියෙන් කතා කරද්දි අලුත් අලුත් නොතේරෙන වචන දානවා.කථාකරන්නෙ ලියන බාසාවෙන්.. මේවනෙ චෝදනා..



මේව අලුත් ඇයි අපේ මිනිස්සුන්ට මේ අය සසඳන්නෙ මහින්දව ඒකයි. ‘දැන් සැපද ලූනු කීයද අල කියද වගේ වචන වලින් තමා එයා කතා කළේ. නමුත් සජිත් රාජ්‍ය නායකයෙක් වගේ ප්‍රබුද්ධ විදිහට කතා කරනවා. අර වගේ සරල විදිහට ස්ටේජ් වල විහිලු කරන රාජ්‍ය නායකයො ගැන තමා දැන් පරපුර දන්නෙ.



ඒ ගොල්ලො ඒකට වෙනස් අය දකින්නෙ විහිළු විදිහට. අනෙක මාධ්‍ය වලින් ට්‍රෙන්ඩින් කරන්නෙත් ඒවා. ඒකයි මේකට හේතුව..
අලුත් බලවේග වලට රට බාර දෙන්න ඕන නැහැ. අපට නායකයෙක් ඉන්නවා.
උනුත් එකයි මුනුත් එකයි චෝදනාව සජබට නැහැ. උනුත් එකයි කියන්නෙ යූඑන්පී අයට ඒ අය මෙහෙ නැහැ දැන්.මේක අලුත් පක්ෂයක් සජිත්ට රටේ නායකත්වය ගන්න පුළුවන්‘