විදුලි කප්පාදුවක් සිදු නොවන බවට මීට දින දෙකකට පෙර රටට දැනුම් දුන් ගාමිණී ලොකුගේ විදුලි බල ඇමතිවරයා ඒ ගැන පුවත්පත්වලටද නිවේදන ලබාදුන් අතර පුවත්පත්වල එය පළවූ පසු ඔහුගේ ෆේස් බුක් පිටුවෙන්ද එය ඊයේ ප්‍රසිද්ධ කර තිබුණි.
එසේ තිබියදී ඊයේ රාත්‍රියේත් විදුලි කප්පාදුව සිදුවූ අතර අද අමාත්‍යංශය දන්වා ඇත්තේ අද සිට අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදුවන බවයි.
එම කප්පාදුවට දක්වා ඇති හේතුවද නොපැහැදිලි ව්‍යාකූල එකකි.
ප්‍රශ්නයක් තිබියදී ඒ බව ජනතාවගෙන් සඟවමින් වෙනත් අරමුණකට වැඩ කිරීම මීට ඉහත ගෑස් ප්‍රශ්නය අවස්ථාවේදීත් දක්නට ලැබුණ අතර වගකිව යුතුඇමතිවරුන් මේ නිසා ජනතා අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකිය.
කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවට ලොකුගේ ඇමතිවරයා කියූ දේට ෆේස් බුක් ඔස්සේ දිගින් දිගටම අප්‍රසාදය සහිත කොමෙන්ට් වැටෙන බැවින් එය වැළැක්වීමට ඒවා මකා දැමීමට එය බාර පුද්ගලයා කටයුතු කරන අයුරක්ද දක්නට ලැබේ. ඒ අනුව උදේ 10.15 ට අප එය නරඹන අවස්ථාවේ පැවතියේ වාසිදායක කොමෙන්ටු 2 ක් පමණි. අනෙක් ඒවා මකාදමා තිබුනේ වගකීම් විරහිත පුද්ගලයෙකු සිහිපත් කරවමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval