කොළඹ ගාලමුවදොර පිටියේ පුද්ගලික ආයතනයක ‘රිලොන්ච්‘ ප්‍රචාරණ සන්දර්ශනයක් ලෙස පැවති ඩ්‍රොන් ෂෝ එක සම්බන්ධ සමාජ මාධ්‍ය තුළ මතුව තිබෙන අධික උනන්දුව නිසා ඇතැමුන් එහි නොතිබූ ඇතැම් දර්ශනද නිර්මාණාත්මකව එක්කරමින් එහි තිබූ ලෙස ප්‍රචාරය කරමින් පවතී.
එකක දැක්වෙන්නේ ශ්‍රී ලංකා රේඛා සිතියම සමග ‘දැන් සැපද‘ යනුවෙන් සිංහලෙන් වාක්‍යයක් දැල්වෙන ආකාරයයි.
තවත් එකක දැක්වෙන්නේ NAYA GEWAPAN UTTO ලෙසිනි.
මේ පිළිබඳ කළ සොයා බැලීමේදී මේවා හුදු උපහාසයට නිර්මාණය කළ ඒවා බව හඳුනාගන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval