electricity-cut-issue-revealed

මීට සති 5 කට පමණ පෙර ඉකුත් දෙසැම්බර් 03 වැනිදා රටපුරා විදුලිබල ඇණහිටීමක් වාර්තාවූ අතර පැය එකහමාරක පමණ කාලයක් බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි විය. මෙම විදුලි බිඳ වැටීම සිදුවූයේ ඊට පසු ආසන්න දිනකදී යොදාගෙන තිබුණ විදුලි බල වෘත්තීය ක්‍රියාමාර්ගයකට පෙරාතුවය.


මේ හේතුවෙන් මෙය ‘විදුලි බිඳ වැට්ටවීමක්‘ විය හැකි බවටත් ඇතුළත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් සැක මතුවිය.
රටම අදුරේ හෙළමින් ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිදු වූ විදුලිය බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඒ සම්බන්ධයෙන් සැකපිට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සිව් දෙනකු ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව මේ වනවිට වාර්තාවේ.

කොත්මලේ බලාගාරයේ විදුලි ධාරාව ජාතික පද්ධතියට එක් කිරීමේදී එය පාලනය කිරීමට ඇති යන්ත‍්‍ර දෙකක පාලනය වෙනස් කර පද්ධතියේ සමබරතාව බිදවට්ටවා මෙම විදුලි බිදවැටීම සිදු කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇත.
පද්ධතියේ සමබරතාව බිඳ වැටීම නිසා එය පූර්ණය කිරීමට අනෙකුත් යන්ත‍්‍ර අධි ධාවනයක යෙදීම නිසා නොරෝච්චෝලේ බලාගාරයේ යන්ත‍්‍ර දෙකක්ද අක්‍රීය වී රටේම විදුලිය බිදවැටී තිබේ.


බලාගාරයේ එක් යන්ත‍්‍රයක් යළි සකස් කර තිබුණද අනෙක් යන්ත‍්‍රය මෙතෙක් නැවත සකස් කිරීමට නොහැකි වී ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 22 ක පමණ මුදලක් වැයවනු ඇතැයිද ගණන් බලා ඇත.
එබැවින් එදින සිදු කරන ලද කඩාකප්පල් කටයුත්ත මේ දක්වාම ජාතික විදුලි බල සැපයුමට බලපෑම් එල්ල කර ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතතු තතුදත් ආරංචි අනාවරණය කරන්නේ මෙම කඩාකප්පල් ක්‍රියාවට සම්බන්ධ ඉහළ තනතුරු දරන ඉංජිනේරුවන් දිව්දෙනා
අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවද අවසන් මොහොතේ එය නතර වී ඇති බවයි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් පවසන්නේ මණ්ඩලයේ ඉහළම තනතුරක මැදිහත් වීමෙන් එය සිදු කෙරුණු බවයි.