දෙහිඕවිට බස් නැවතුම්පොළේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ (04 දා) උදේ කාර්මික දෝෂයකට ලක්ව පණගැන්වීමට නොහැකිව තිබියදී රියැදුරා වාහනය යටට වී තිරිංග පරීක්‍ෂා කර ලබන විට හදිසියේම රථය ඉදිරියට ධානය වීමෙන් රියැදුරා ඊට යටවී එතැනම මියගොස් ඇතැයි දෙහි ඕවිට පොලිසිය පවසයි.
බස්රථ අනතුරෙන් බස් නැවතුම්පොළටද බරපතළ හානි සිදුව ඇත. අනතුරින් මියගියේ එම්. ඒ. චානක දුලිප් විජේවංශ නමැති අවුරුදු 25 ක රුවන්වැල්ලේ ගලපිටමඩ ඉඹුල්ගොඩ පදිංචි තරුණ රියැදුරෙකි.
අනතුර පිළිබඳව දෙහි ඕවිට පොලිස් ස්ථානාධිපති පො.ප. ආර්. ඒ. ප‍්‍රසන්න සමරසේකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
දෙහි ඕවිට – ඩබ්. එම්. තිලකරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval