එළඹෙන සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කල මහාචාර්ය චන්න ජයසුමන මහතා,
“ලබන සෙනසුරාදාගෙන් එළඹෙන සතිය ඇතුළත අපේ රටේ බහුතරයකට බූස්ටර් එන්නත ලබාදීලා මේ එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.”
“පළමු සහ දෙවන එන්නත ලබාගැනීමට සාපේක්ෂව බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව විවිධ පුද්ගලයින්ගේ කඩාකප්පල්කාරී වැඩ. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාර දියත් කෙරෙනවා. විවිධ අතුරු ආබාධ එනවයි කියලා.
ඒවා කිසිවක් මේ වනතෙක් තහවුරු වෙලා නෑ.”
“ඒ අනුව ලබන සෙනසුරාදා සිට සතියක් බූස්ටර් එන්නත ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.”
“ඊයේ වෙනකොට මිලියන 5ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා..”
Comments
Post a Comment
Your comment will be visible after approval