අද (27) ගම්පොළ ඉහළවෙල නාරාවිට ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ අභිනව බුදු පිළිරුව විවෘත කිරීමේ උත්සවයට එක්වූ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා මෙකී උත්සවයට පැමිණෙන්නට නියමිතව සිටි සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂට අද දින එහි නොපැමිණෙන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් මෙසේ කීවේය.
‘අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා....එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂණ පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....
මෙවැනි පුණ්‍යකර්මයක් සඳහා සම්බන්ධ වෙන්න ලැබීමත් වාසනාවක් හැටියට සලකනවා. පුරාණයේ රජවරු යම් යම් කරදර අවස්ථාවලදී සතුරු උපක්‍රම අවස්ථාවලදී ගිහිල්ලා ආරක්ෂාව පතා යන්නෙ පන්සල්වලට.. විහාරස්ථාන වලට තමා‘
Comments
Post a Comment
Your comment will be visible after approval