දේශීය වශයෙන් නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 සිට 1375 දක්වා වැඩි කර තිබෙන බව රජය නිවේදනය කරයි. ඒ අනුව පෙර මිලට වඩා රැපියල් 100ක ඉහළ යාමක් සිදුව ඇත.
දිගින් දිගටම පවතින ආර්ථික උද්ධමනය නිසා ඉදිකිරීම් ක්ෂෙත්‍රය කඩාවැටී තිබෙන පසුබිමක ඊට පිලියම් යොදන ලෙස අදාළ වෘත්තීය වේදීන්ගේ සංගමය පසුගියදා ඉල්ලීම් කර තිබූ නමුත් සිමෙන්ති මිල ඉහළයාම තත්වය තවත් ගැටලුකාරී මට්ටමකට රැගෙන ගොස් ඇති බව පෙනෙන්ට තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval