විදුලි අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස විදුලිය පරිභෝජනය අරපිරිමැස්මෙන් සිදු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් නලින් හේවාපටබැඳිගේ ඉල්ලීමක් කරයි.
විදුලිය අධික ලෙස පරිභෝජනය කරන අවස්ථාවේ දී ඒවා සැලකිලිමත් ලෙස භාවිත කරන ලෙසත්, විදුලි ජනන යන්ත්‍ර ඇති පිරිස් ඒවා භාවිත කර විදුලිය ලබා ගැනීමට පෙළෙඹෙන ලෙසත් ඔහු සඳහන් කරයි
දීර්ඝ කාලයක් පොසිල ඉන්ධන මත යැපීමට හැකියාවක් නොමැති බැවින් නියත වශයෙන්ම පුනර්ජනනීය බලශක්ති වෙත ගමන් කළ යුතු බව ලංවිම ලේකම්වරයා පවසයි.
විදුලි බිඳවැටීම් රටපුරා අවස්ථා දෙකක් මෑතකදී වාර්තා වූ බවත්, ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර වාර්තාවක් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම කටයුතු සඳහා මේ වනවිට කමිටුවක් පත් කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval