A-young-Minister-of-State-in-the-South-will-make-an-offering-inside-Yala
දකුණු පළාත නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමතිවරයෙක් ඊයේ (6) දින රාත්‍රියේ යාල ජාතික වන උද්‍යානයේ ප්‍රභුන්ට පමණක් වෙන් වු  භුමි  පෙදෙසක විශේෂ දේවයාගයක් පවත්වා තිබේ. පිය මග යමින් දේශපාලනයට පිවිසි බව කියන

මෙම රාජ්‍ය ඇමතිවරයා හට ඉදිරි ඇමති මණ්ඩල සංශෝධනයේදි කැබිනට් ඇමති ධුරයක් ලබා ගැනිම වෙනුවෙන් සහ ඔහුගේ විවාහය ඉක්මන් කරවා ගැනිම වෙනුවෙන් මෙම දේව යාගය පවත්වා ඇතැයිද ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම දේවයාගයට  යකැදුරන්ට අමතරව ඇමතිවරයා ගේ පියා ඥාති සහෝදරයන් තිදෙනෙකු සහ පවුලට සමීප කාන්තාවන් පිරිසක් සහාභාගි වි ඇති අතර දේව යාගයට වැඩි කාන්තා දායකත්වය යාගයේ සාර්ථකත්වයට උපකාරි වන බවට යකැදුරන් පවසා තිබීම නිසා ඔවුන්වද කැඳවා ඇත.


මධ්‍යම රාත්‍රි 12 පමණ වන විට ඇරඹි දේව යාගය අද පෙරවරු  2.30 පමණ වන තෙක් පවත්වා තිබෙන බවද වාර්තා වෙයි.

තොරතුරු -රන්ජිත් රණවීර ,යෝදකන්ඩිය