කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විහාරාධිපතිත්වය දරන අභයාරාම විහාරයට අයත් කොළඹ 05, නාරාහේන්පිට, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද මාවතේ අංක 530 දරන ගොඩනැගිල්ල රජයේ කාර්යාලයකට බදුදී ඇතැයි ද
ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දොළහමාරක මාසික කුලියක් ලබාදීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.
මෙලෙස ගෙන යන්නට සූදානම් කර ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයයි. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 212/1, දරණ ස්ථානයේ මේ දක්වා එම ගොඩඉනැගිල්ල පවත්වාගෙන ගිය නමුත් විශේෂ ඉල්ලීමක් මත ස්ථානය මාරු කර ඇතැයිද කියැවේ.
නව කුලීකරුවන් පදිංචියට එන නිසා සේවකයින් යොදවා අභයාරාම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු දැනටමත් අරඹා ඇත.
මේ වනවිටත් එම අරමුදලේ පාලන අංශය එම ගොඩනැගිල්ලට අනුයුක්ත කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval