Train-strike-again-alleging-misconduct

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය යළි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කළ නිසා මෙම තීරණය ගත් බව සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසයි.


‘අශෝභන ලෙස හැසිරීමේ‘ චෝදනාවක් යටතේ ඔහුගේ වැඩතහනම් කර ඇති බවත් එලෙස තහනමක් පැනවීම විධිමත් නොවන බවත් අසාධාරණ බවත් කියමින් යළි වැඩවර්ජනය අරඹා තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ඊයේ (13) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර. එය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර යළිත් ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත.
 දුම්රිය ධාවනය අද උදෑසන යළි ආරම්භ කෙරුණද, එම දුම්රිය ප්‍රමාද වී ධාවනය විය.