Protest-against-Ven.-Murutthettuwe-Ananda-Thera-taking-over-control-of-the-Mattegoda-Buddhist-Temple

වසර හතළිහක් පුරා බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ  නිවාස සංකීර්ණයේ පිහිටි බුද්ධ මන්දිර සුළු පිරිසකගේ වුවමනාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව සංවිධාන කළ විරෝධතාවක් ඊයේ (20)දා එම බෞද්ධ මන්දිරය ඉදිරිපීටදී පැවැත්විණි.

මෙම බෞද්ධ සමිතියේ නිලවරණය වාර්ෂිකව පැවැත්විය යුතු වුවත් වසර තුනක් යනතෙක් නිලවර නොපැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් නිලධාරි මණ්ඩලයට එරෙහිව කැස්බෑව අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇති බවද ඝෝෂකයෝ එහිදී පැවසූහ. එවන් පසුබිමක නීති විරෝධී නිලධාරී මණ්ඩලයේ සුළු පිරිසකගේ වුවමනාවටගෙන ඇති මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.එසේම මෙම ස්ථානය නිවාස සංවර්ධන අධිකාරිය හරහා බදු ඔප්පුවක් මගින් කොළඹ සරසවියේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමේ සූදානමක් ඇති බවත් ජනාධිපතිවරයා අගමැතිවරයා මැදිහත්වී



 වහාම මෙම ගැටලුව විසදන ලෙස උද්ඝෝෂකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. මෙම බෞද්ධ මධ්‍යස්ථානය අංගසම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත්කිරීමට හිටපු නිලධාරින් කටයුතු කර ඇත්තේ බෞද්ධ සංගමය හරහා වන බැවින් ඉදිරියටත් බෞද්ධ සංගමය යටතේ මෙම ස්ථානය පාලනය කිරීමට ඉඩ සලසා දෙන ලෙස ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටියහ. එම වසර හතළිහක් තිස්සේ අවට විහාරස්ථානවල මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් මෙම ස්ථානයේ ආගමික සාමාජීය හා සංස්කෘතික කටයුතු සිදුකළ අතර ඉදිරියටත් එම වැඩපිළිවෙළට බාධා නොකොට බෞද්ධ සමිතිය හරහා පරිපාලනය පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ප්‍රදේශයේ මහා සංඝරත්නය ඉල්ලා සිටියහ. මෙහිදී අදහස් දැක්වූ උඩුගහපත්තුව

සල්පිටි කෝරළයේ ප්‍රධාන

 සංඝනායක මත්තේගොඩ ශ්‍රී පියරතනාරාමාධිපති පන්ගම්විලයායේ සෝරත නාහිමියන් පවසා සිටියේ වෙතත් ගමක ආගමික ස්ථානයක් භාර ගැනීමේදී අදාළ ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීම සිදු කළ යුතු වුවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම ශාසනික සම්ප්‍රදාය කඩකරමින් මෙම ස්ථානයට ඇතුළුවීම බරපතළ කාරණාවක් බවය ප්‍රදේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් බොද්ධ මන්දිරය ඉදිරිපිටදී පැය දෙකකට අධික කාලයක් විරෝධතාවේ නියැලුණහ. විරෝධතාව පවතින අවස්ථාවේදී ආගමික ස්ථානය අවට දැඩි පොලිස් රැකවල් යොදවා තිබෙනු දක්නට ලැබිණි.


(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)