Police-nab-student-who-tried-to-run-away-from-home-to-Colombo-in-Matara

මාතර මුහුදු වෙරළ තීරයේ නිකරුණේ ගැවසෙමින් සිටි 15 හැවිරිදි බාල වයස්කාර සිසුවියක සම්බන්ධ සිදු කළ විමර්ශනයකදී ඇය කොළඹ යන්නට කියා
නිවෙසින් පැනවිත් සිටි දැරියක බව අනාවරණය කරගත් බව මාතර පොලිසිය පවසයි.
 පෙරේදා (18) පොලිස් නිලධාරින් දෙදෙනකුගේ තීක්ෂණ නිරීක්ෂණය අනුව මෙම දැරිය හඳුනාගෙන ඇත.කතරගම ගාමිණීපුර පදිංචි දැරිය නිවසේ අයට නොකියාම නිවසේ ඉන්නට බැරියයි තීරණය කර පැනවිත් තිබුණි.


නිවසේ ඉන්න බැරි බව පවසා කොළඹ බලා යාමට පැමිණි අවස්ථාවේ දී මාතර මුහුදු වෙරළට පැමිණ සිටි ඇය කල්පණා කරමින් සිටින්නේ ඇයි දැයි
රාජකාරි කටයුත්තකට යමින් සිටි මාතර මූලස්ථාන පොලිසියේ පරිසර ආරක්ෂණ ඒකකයේ ස්ථානාධිපති  සුමිත් සිරිනන්ද හා සැරයන් 56030  ආර්.පී. ගුණරත්න යන මහත්වරුන් ප්‍රශ්න කර තිබේ.


ඇයගේ කතාබහ අනුව පැනයන්නට හදන දැරියක බව අවබෝධවීමෙන් පසු පොලිස් නිලධාරිනියකද කැඳවා ඇයව භාර දී පොලිසියට කැටුව එන්නට නිලධාරීන් කටයුතු කළ අතර පසුව ඇයව මවුපියන්ට බාර දුන් බව මාතර මුලස්ථාන පොලිසිය පවසයි.