නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.
මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට අුැතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය යැයි පවුලේ ඥාතියෙක් පැවසීය.
මෙම සිසුවියට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි වෛද්‍යවරයෙක් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval