Ganapati-Pooja-for-grade-5-scholarship-students-and-auspicious-time-to-go-for-examination

ලබන 22 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරග විභාගය වෙනුවෙන් ‘තරුව‘ පුවත්පතේ ජ්‍යොතිෂ්‍ය විශාරද ඇම් ජී ගුණේරිස් මහතා ගණපති ඵූජාවක් පවත්වන්නට උපදෙස් හා පිටත්වීමට අවශ්‍ය නැකැත් විස්තරයක් පළ කර ඇත.
එම උපුටනය පහත පරිදිය.

බුද්ධිය වැඩිදියුණු කරගෙන උසස් බුද්ධිමත් අයකු කරවීමට අෂ්ට ගණපති පූජාව පවත්වා ගණපති ආශිර්වාදය ලබා දෙන්න. පළමුව බුදුන් වැඳ තුන් සූත්‍රය සජ්ජායනය කරන්න. ඉන් පසු තම නිවසේ හෝ පිරිසිදු ස්ථානයක පසාන හෝ නැගෙනහිර දිශාවට මුහුණලා මේසයක් මත සුදු රෙද්දක් අතුරා පලතුරු ජාති 3 බහින්, කැවිලි ජාති 3 බැගින් වර්ග 8ක් තබන්න. බන්දේසියක් මත බුලත් කොළ 21ක් අතුරා අලංකාර ලෙස සකසා තැඹිලි ගෙඩියක්, හොඳින් ඉදුණු කෝලිකුටු ඇවරියක් සහිතව පූජාවක් සකසා ගණපති රූපයක් තබා ඒ ඉදිරිපිට ඉහත පූජාව තබා
එළගිතෙල් පහනක් දල්වා, තවත් පහනක් ඉෂ්ට දේවතාවා වෙනුවෙන් තබා පහත සඳහන් ගාථා සජ්ජායනය කරන්න.



තත්පුරුයාය විද්මහේ චක්ලතුන්ඩයාමිණී
මත් තපී ප්‍රබෝධයත්
ඕ බුද්ධි ගණපති නමා
සිං නර්තන ගණපති නමා
ඖ ළං වීර ගණපති නමඃ
සිං ශ්‍රී ශක්ති ගණපති නම
සිං බාල ගණපති නම්
සං ජිං තුම් ගණපති නම්
ඖ හේරම්භ ගණපති නම්
අයියනායක මහා ගණපති නම්


මෙසේ කියමින් කපුරු දල්වන්න. පහන් දල්වා සුවඳ දුම් අලන්න. කහ මල්, නෙළුම් මල්. සුදු මල් පූජා කරන්න. ඉහත අෂ්ට ගණපති වන්දනාව 3 වරක් හෝ 7 වරක් සජ්ජායනය කිරීම් යහපත්ය.

විවරාය වරදය සුරවුයාය
ලම්බෝදරාය සකලාය ගම්මිතාය
නාගානනාය ඍතියඥවිභූෂිතාය
ගෙරේ ප්‍රියාය ගනනාථ නමෝ නමතේ
සිං ගණනා ජය ගණනාත්
සිං විදසා ගණේෂාය නමෝ නමා
ලනන් සජ්ඣායන න,


මහා ගණේෂ ගණපති නම්
ශ්‍රී කෘත්‍ය ගණපති නමඃ
සිං ශ්‍රී වල්ලභ ගණපති නම්
සිං ෂූ සිද්ධි ගණපති නමා
සිං ශක්ති ගණපනී නමා
ඖ ළං ධර ගණපති නමා
ගණපති දෙති නුවණ මිහිකත් රකිති මේ සරණ
දෙන්න මට නුවණ අසන් දෙවියනි මේ දේව සුබ ගණ
වක්‍රතුණ්ඩ මහා කාය
සූ කෝටි සමප්‍රභා
නිර්වින්න.කුරුදේව
සර්ව කාණ්ඩු සදා
ගජවදන විචිත්‍රා
තීෂණ දත්ත ත්‍රිනේත්‍රං
බ්‍රහදාරමහේෂා
තුන රූපං පුරාණං
අමර වර සුප්‍රසං
රක්ත ව සුසං
ගස්පති සුන සං
වින රාජා නමාමි




සාදු සාදු සාදු ශ්‍රීමත් මහා ගණේෂ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස අති පාරිශුද්ධ ශුභ වර්ණයන් මුළු ශ්‍රී ලංකා ධරණි තලය ඒකාලෝක කරමින් දස දිගත කීර්තිධාරා විහිදුවා හරිමින් හස්ති පෝතක සුන්දර චක්‍රයකින් මහා කරුණා මුහුර්තයෙන් ලොව පහල වී ඍෂි ප්‍රවෘජ්ජාවෙන් හේමකුඨ ගිරි ශිඛරය පාමුල වැඩ වාසය කරමින් සුර නර බඹ ඇතුළු සියලු ලෝවාසීන්ට නැණ නුවණ දෙමින් බුද්ධිය වර්ධනය කරවා ඥාන ශක්තිය
යථාවබෝධය තීක්ෂණ ඥානය ලබා දෙන ඔබ වහන්සේගේ දියණිය/පුතා ඉදිරිපත් වන ශිෂ්‍යත්ව විභාගයෙන් උසස්ම ප්‍රතිඵල
ලබා ගැනීමට (දරුවාගේ නම ............) මතක ශක්තිය වඩවා දේවා....






විභාගයට පිටත් වන සුබ නැකැත්

  • ජනවාරි 22 සෙනසුරාදා
  • උදේ 8.07ට උදේ 8.30ට හෝ උදේ 8.12ට නැගෙනහිර බලා නිවසින් පිටත් වීම ශුභයි
විභාගයට පිටත් වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නමැද පහත සඳහන් ගථාව තෙවරක් කියන්න.
නත්ථි මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං
ඒන්න සචිඡ වජිජේන
හෝතු මේ ජය මංගලම්

දෙවනුව බුද්ධෝ” වෙනුවට 'ධම්මෝ” යනුවෙන් ද තෙවනුව ' සංකෝ" යනුවෙන්ද කියන්න.

දෙමව්පියන් නමැද ඉන් පසු පහත සඳහන් ගාථාව සිහිපත් කරන්න.
යෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒන්න සජේන ජයස්සු මය්හං

(දෙමාපියන් විසින් කියන විට 'මහං ' වෙනුවට තහං' යනුවෙන් යොදන්න)

(ජ්‍යොතිෂ්‍ය විශාරද ඇම් ජී ගුණේරිස් )