රුපියල් කෝටි දෙක හමාරකට අධික විදේශ මුදල් නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට තැත් කළ පස් දෙනකු ශ්‍රී ලංකා රේගු මන්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක,
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත ද සිල්වා මහතා පැවැසීය. අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95,000ක්, යුරෝ 18,000ක් සහ සෞදි රියාල් 37,000ක් තිබූ බව රේගුව කියයි. ශ්‍රී ලංකා රේගුව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම්කාර පුද්ගලයන් පස් දෙනා මෙසේ අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් ඩුබායි බලා යෑමට සූදානමින් සිටි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මුදල් තොගය ඔවුන්ගේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද හෙතෙම සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ,
කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් පස් දෙනෙකි. එම පිරිස ඩුබායි බලා පෙරේදා අලුයම 2.55ට පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන යානයෙන් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.
-ටී.කේ.පී. කපිල-
Comments
Post a Comment
Your comment will be visible after approval