මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි හෝටලයක වායු සමීකරණ යන්ත්‍රයේ ගෑස් නළයක් පුපුරා යාමෙන් එය අලුත්වැඩියා කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම අනතුර අද (04) පස්වරු 1.45 ට පමණ සිදුව තිබේ.
වායු සමීකරණ යන්ත්‍රය නඩත්තු කිරීමට යාමේදී මෙම පිපිරුම සිදුව තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචි වායු සමීකරණ අලුත්වැඩියා කිරීමේ නියුක්ත කාර්මික ශිල්පියෙකි.
හෝටලයේ තෙවන මහළේ භෝජනාගාරයේ පිහිටි කොටසේ මෙම පිපිරුම සිදුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval