5000-private-sector

රටේ ආර්ථික තත්වය යහපත් වනතුරු රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීමට අපහසු බව පෞද්ගලික අංශයේ හාම්පුතුන් විසින් කම්කරු අමාත්‍යවරයා වෙත දන්වා ඇතැයි වාර්තාවේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මෙරට පෞද්ගලික සේවා අංශ ප්‍රධානීන් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදී මේ ගැන දන්වා ඇත.

මේ වනවිට අපනයන ආදායම ද පහත වැටී ඇති බවත් රේගු ගාස්තු වැඩිවීම, බහාලුම් පැමිණීමේ අඩුවීම්, නිෂ්පාදන වියදම් වැඩිවීම, අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම, බැංකුවලින් අය කරන අධික පොලිය වැනි කරුණු කිහිපයක් ඔවුන් ඒ සදහා හේතු වශයෙන් පෙන්වා දී ඇත.