පදියතලාව-බිබිල මාර්ගයේ පුවක්පැළේ ප්‍රදේශයේදි පෞගලික බසයක් 24 දින උදේ 7.30ට පමණ පෙරලීයෑමෙන් එහි ගමන් කළ
කාන්තාවන් 17 දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලසිය කියයි.
පදියතලාවේ සිට බිබිල අයිවෙල ඇගලුම් කර්මාන්තශාලාවකට සේවිකාවන් ගෙන යම්න් සිටි පෞගලික බසය අධික වේගයෙන් ධාවනය
කරන අතරතුර පුවක්පැළේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරලී තිබෙන අතර තුවාල ලැබුවන් බිබිල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
අනතුරින් තුවාල ලැබු සේවිකාවන්ගේ තත්වය බරපතල නොවන බව පොලීසිය කියන අතර බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටිති.
බදුල්ල ප්‍රසන්න පත්මසිරි
Comments
Post a Comment
Your comment will be visible after approval