15-A-triangular-love-affair-with-a-girlfriend-whose-first-boyfriend-cut-a-piece-of-glass-while-she-was-in-bed

වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන්  පසුගිය 22 වනදා වාර්තා විය. කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය සිදුවිය. තුන් කොන් ප්‍රේම ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ඝාතනය වාර්තාවූ නිවසේ කුලී පදනම මත වාසය කර ඇත්තේ 15 හැවිරිදි දැරියකි. ඇය ළමා නිවසකින් පැනවිත් කඩවත ප්‍රදේශයේ රැකියාවකට යමින් සිටි බව කියැවිණි. ඇය මෙම කුලී කාමරයේ නතර කරන්නට උදව් කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයෙකි.

පසුගිය 21 වනදා රාත්‍රියේ කඩවත පාසල් ක්‍රීඩාංගණයේ  සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙන අතර එය නැරඹීමට මෙම දැරිය ගොස් තිබේ. එහිදී ඇයට ඇගේ පළමු පෙම්වතා බව කියන වෙනත් තරුණයෙකු මුණගැසී තිබේ.  රාජු මධුශංක නැමැති 20 හැවිරිදි එකී තරුණයා පින්තාරුකරු (පේන්ට් බාස්) කෙනෙකු ලෙස රැකියාව කරන්නෙකි. ඔහු සමග නැවත ආදරය අලුත් කරගත් ඇය ඇගේ සියලු තතු පවසා සිටීමෙන් පසු ඔහු යෝජනා කර ඇත්තේ 'මං එන්නද ඔයාව ඇරලවන්න අද' යනුවෙනි. ඊට ඇය එකඟවී ඇති අතර ඔහු ඇයව ඇරලුවා පමණක් නොව එම කුලී කාමරයේ එදින රෑ ඇය සමග ගත කරන්නටත් උනන්දුවී තිබේ.

අදාළ දිනයේ සංගීත ප්‍රසංගය බලන්න තමන්ගේ පෙම්වතිය ගිය බව දැන සිටි මෙම දැරියගේ වත්මන් පෙම්වතා ඇය නිවසට සුරක්ෂිතව ගියේදැයි දැනගැනීමට දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ මහ රෑ ජාමයේය.
නමුත් ඇය ඇමතුම් ලබා නොගැනීම නිසා ඔහු කලබලයට පත්ව ඇත. 

මේ නිසා තරුණයා රාත්‍රියේම එම කුලී කාමරය වෙත ගොස් ඇති අතර ඒ වනවිට වේලාව පාන්දර 3 පමණ වූ බව කියැවේ. එසේ ගොස් දොර විවෘත කරන ලෙස පවසා තිබේ. නමුත් තැතිගත් පෙම්වතිය එසේ කර නැත. පසුව කාමරයේ දොර විවෘත නොකෙරූ නිසා කෝපයට පත් පෙම්වතා වීදුරු කැබැල්ලකින් දොර කඩාගෙන  ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දැරිය සමග වෙනත් තරුණයෙකු  සිටිනු දැක කෝපය ඉහවහා ගොස් තිබේ. ඔවුන් දෙන්නා කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවටද සාක්ෂි දැකීමෙන් ඔහු කුපිතවී ඇත.
ඇති වූ බහින් බස් වීමෙන් පසු කැඩී ගිය වීදුරු කැබැල්ලෙක් පළමු පෙම්වතාට පහරපිට පහර දීමට වත්මන් පෙම්වතා කටයුතු කර ඇත.

තරුණයාගේ ගෙල පෙදෙසට එම පහර දරුණු ලෙස වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කීය .
ඒ අනුව ලේවිලක් මැද ඇද වැටුණ 20 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කළ මුත් මියගියේය.
පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ  තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව දැරිය හැඩූ කඳුලින් පොලිසියට විස්තර කළාය.
ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබු අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.