කොච්චිකඩේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූවන් සියයකට කොවිඩ් ආසාදනය වී ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (26 වැනිදා) අනාවරණය කළේය.
ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ
උල්ලංඝනය කරමින් මෙම විවාහ මංගල්‍යයට තුන්සිය පනහක් පමණ සහභාගි වී ඇති බවටද සෞඛ්‍ය අංශවලට තොරතුරු වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන්ද කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
පසුගිය 18 වැනිදා මෙම මංගල උත්සවය පවත්වා ඇත. උත්සවයට සහභාගි වූ ඇතැම් පිරිස් නිවාසද වසා දමා තොරතුරු වසන් කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග අනාවරණය කරයි. විවාහ මංගල්‍යයේ මත්පැන් පානය කරමින් නර්තන පීටිකාව මත නර්තනයේ යෙදුණු පිරිසකට උත්සවයෙන් දින කිහිපයකට පසු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval