දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සිටින දුර්ලභ ගණයේ ක්‍ෂීරපායි සතුන් කණ්ඩායම් ලෙස තෝරාගෙන
ක්‍ෂය රෝග පරීක්‍ෂණයට යොමු කිරීම ඊයේ (22දා) ආරම්භ කළ බව ජාතික සත්ත්වෝද්‍යාන
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පැවැසුවාය.
ඒ අනුව පරීක්‍ෂණයට යොමුකළ සතුන්ගේ මුල් කණ්ඩායමට ඔරන්ඔටන් සහ බැබුන් සතුන් සිවුදෙනකු (4) ඇතුළත්
වූ බව එම උද්‍යානයේ උසස් නිලධාරියෙක් කීවේය.
පසුගිය දිනක සිදුවූ ඔරන්ඔටන් ධේනුවගේ මරණයට හේතුව ක්‍ෂය රෝගය වැලඳී එය උත්සන්න වීම බවත්
සීබ්‍රා සතුන් සිවුදෙනාගේ මරණයට හේතුව සතුන් අතර අන්තර් අභිජනනය නිසා ඇතිවූ සංකූලතා නිසා බවත්
අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
මේ වන විට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සේවකයන්වද කණ්ඩායම් වශයෙන් ක්‍ෂය රෝග පරීක්‍ෂණ
සඳහා යොමු කිරීම ආරම්භ කළ බව සහ ඒ සඳහා කලුබෝවිල මහ රෝහල සහ වැලිසර ළය රෝහලේ සහාය
ලබා ගන්නා බව උද්‍යාන කළමනාකාරිත්වය සදහන් කළේය.
සපුමල් ජයසේන
Comments
Post a Comment
Your comment will be visible after approval