දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන් පස් දෙනා සඳහා මේ වන විට ළමයින් 2000 ක් පමණ නම් එවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.සත්වෝද්‍යානයේ අලුත උපන් ඔරික්ස් ගවයා,බූරු පැටවා,නයිල් හිපෝ
පැටවා සහ සිළු වඳුරු පැටවුන් දෙදෙනාට නම් තැබීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා වයස අවුරුදු 18 ට අඩු ළමයින්ට අවස්ථාව ලබාදී ඇත. මෙම නම් බාර ගැනීම මේ මස 25 වැනිදා දක්වා සිදුකෙරෙන අතර,නම් තේරීමද එදින සිදු කිරීමට නියමිතය.සත්ව පැටවුන්ට නම් තබන ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය.
සාලිය කුමාර ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval