ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි බිල වැඩි කළහොත් ජල ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
මේ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කළ බව කී ඇමතිවරයා පැවසීය.
ඉන්ධන මිල වැඩි කිරීම ජල සම්පාදන පද්ධතියට ප්‍රශ්නයක් නොවන නමුත් විදුලි බිල වැඩි කළහොත් එය ප්‍රශ්නයක් වනු ඇති බව ඔහු පවසයි.
විදුලි බිල වැඩි කළහොත් වියදම් සමතුලිත කර ගැනීමට ක්‍රමයක් සොයා ගත යුතු බව අමාත්‍යවරයා පවසයි.
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන පාරිභෝගිකයන් හැර අනෙක් පාරිභෝගිකයින් සඳහා ජල ගාස්තු ඉහළ නැංවීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන නමෞත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය
Comments
Post a Comment
Your comment will be visible after approval