ඊයේ දුම්රිය සේවකයන් නොදන්වා ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්ව තිබුණි. දුම්රියේ ගමන් කිරීමට ප්‍රවේශ පත්‍ර ලබාදී තිබියදී එක්වරම වැඩවර්ජනයක් යයි කියා මගීන් රස්තියාදු කිරීම නිසා ඇතැමුන්ට අසාධාරණයක් මෙන්ම කෝපයක් ඇති විය.
පිටකොටුවේ දුම්රිය ස්ථානයේ සිටි විදේශීය සංචාරකයන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
මේ ගැන සිය අසතුට පළ කර තිබේ.
ඊයේ පැය 4 ක පමණ කාලයක් දුම්රිය වර්ජනය සිදු කර ඇමතිතුමිය සාකච්ඡාවක් ලබා දුන්බව පවසා එය නතර කිරීමට දුම්රිය සේවකයින් කටයුතු කර තිබුණි.
වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රවේශ පත‍්‍ර අලෙවි කලේ කුමක් නිසාදැයි එක් අයෙකු ඇසූ අතර
නිවාඩුව ගත කිරීමට ආසියා පැසිපික් කලාපයේ ඕනෑ තරම් ස්ථාන ඇති බවටත් ශ‍්‍රි ලංකාවට කිසිවෙකුට සංචාරයට පැමිණෙන්නේ නම් තමන්ගේම වාහනයක් රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවත්
ඔහු කියා සිටියේ කෝපාන්විතවයි.
ශ්‍රී ලංකාව ඩොලර් හිඟයකට මුහුණපා ඇති වෙලාවක අසීරු ලෙස උපයාගන්නා සංචාරකයින්ට පවා නිසි සත්කාර නොලැබීම ගැටලුකාරී වන අතර මෙවැනි අය සංචාරය සඳහා යළි ශ්‍රී ලංකාවට පැමිණේවිද යන්න සැක සහිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval