මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක ගැටී බම්බලපිටිය දුම්රියපළ ආසන්නයේදී පෙරේදා
(21දා) පස්වරුවේදී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසියේ විවිධ පැමිණිලි
අංශය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි මාලිගාතැන්න, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
අනතුරට පත් සිසුවිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට
පත්ව ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.
බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන අ.පො.ස. (උසස්පෙළ) පෞද්ගලික පන්තියකට සහභාගි වීම සඳහා පැමිණි දෙවැනි දිනයේදී දැරිය මෙම අනතුරට මුහුණ පා
ඇතැයි පොලිසිය කියයි.
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතාගේ උපදෙස් මත
විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා පොලිස් කොස්තාපල්වරුන්
වන ගයාන් (63822), චරිත් (81059) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගල්කිස්ස - ජානක ගෝමස්
Comments
Post a Comment
Your comment will be visible after approval