හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර ඇත.
බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හේරත් මේ වන විට බංගලාදේශ කණ්ඩායම සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක් වීම සඳහා නවසීලන්තය බලා පිටත් ව ගොස් සිටියදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර දී සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී රෝගය තහවුරු වී ඇත. ඔහු දින දෙකක පමණ කාලයක් සුළු උණ තත්වයකින් පසු වූ බවද කියැවේ.අනෙක් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදනය වී නැති අතර දෙවන පරීක්ෂණයකට යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval