කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 83 වියේ පසුවිය.
කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඒ මහතා පසුගිය තුන්වැනිදා කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුළත් කර තිබුණි.
මෑත ආසන්න කාලයේදී ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසා සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන විශේෂ කථාබහක් ඇතිවූ තිබුණි.
83 හැවිරිදි දේශපාලනඥයෙකු වන කොල්ලුරේ දශක ගණනාවක් තිස්සේ වෘත්තීය ක්‍රියාමාර්ග සංවිධානය කර නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියෙකු සේම නීතීඥයෙකු විය. කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ඌව පළාතේ ආණ්ඩුකාර ධූරයද කලක් හෙබවීය.
Comments
Post a Comment
Your comment will be visible after approval