දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම නිසා රාජ්‍ය ආයතන රැසක මහජන සේවාවන් ද අඩ පණවී ඇත.
නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ආයතනයේ ඇති විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නොවීම නිසා එහි රියැදුරු බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ද ඇණහිට ඇතැයි වාර්තා විය.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 03ක් පමණ ගත වනු ඇතැයි විදුලිබල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයා දන්වා ඇත.
හදිසි විදුලි බිඳ වැටීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ඇණ හිටී තිබෙන බව වාර්තා වේ.ෙ
මේ හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණ හිට ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval