අද (03) දහවල් දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයටද විදුලිය ඇණහැට තිබෙන අතර පාර්ලිමේන්තුවේ පිහිටි විදුලි සෝපානයක ගමන් කරමින් සිටි මන්ත්‍රීවරුන් දෙන්නෙකුද විදුලි ඇණහිටීම සමග එහි සිරවී ඇත.
අද පැවති විවාදය අවසානයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යාමට ඔවුන් යද්දී විදුලි සෝපානය තුළ සිර වී ඇත. දේශපාලන ආරංචි වාර්තාකරන්නේ මෙම අකරතැබ්ඉයට මුහුණපා ඇත්තේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල යි.
විදුලි බිඳ වැටීම් සිදුවූ විගස පාර්ලිමේන්තුවේ සමහර අංශ වෙත ජෙනරේටර මගින් විදුලිය සැපයුණත් සමහර අංශ වෙත මැනුවල් ක්‍රමයට ජෙනරේටර පණගැන්වීමෙන් විදුලිය ලැබෙන බව වාර්තාවේ.
මන්ත්‍රීවරු දෙන්නා ගමන් කළ කොටසේ එකී දෙවන ක්‍රමයට විදුලිය ලැබ ඇති බැවින්
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විදුලි සෝපානය තුළ යළි විදුලිය සැපයෙන තෙක් විනාඩි 15කට ආසන්න කාලයක් සිරවී සිටින්නට සිදුවූ බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval