මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ඇමැතිවරුන් 17 දෙනකුට ඒ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසට සිහිකැදවීමක් පාර්ලිමේන්තු ප‍්‍රධානීන් පසුගිය සතියේදී කර ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාසවල කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 14 දෙනකු පදිංචිව සිටින බවට මෑතකදී කළ සොයා බැලීමක දී තොරතුරු අනාවරණය වූ බවයි.
මින් බොහෝ දෙනකු මන්ත්‍රී නිල නිවාසවල පදිංචිව සිටින්නේ ඇමැති නිල නිවාසය ලබාගෙන සිටියදී බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ගේ නිවාසවල ඇමැතිවරුන් මෙලෙස පදිංචිව සිටීම නිසා මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. මේ අතර සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන සිටින ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් එවන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් කාලයක් තිස්සේ එය ලබාදීම අතපසු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
-සුජිත් හේවාපුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval