කිරිපිටි මිල සම්බන්ධයෙන් ක්‍රමානුකූල සංශෝධනයක් ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ 2021 ඔක්තෝම්බර් මාසයේදී කිරිපිටි මිල සංශෝධනය කරන විට ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ ගොස් තිබූ බවත් මේ වන විට එම කාලයට වඩා 10%කින් වැඩි වී ඇති බවත්ය.
පවතින කිරිපිටි හිඟය තවත් මාසයක් දෙකක් පවතිනු ඇති බව අශෝක බණ්ඩාර මහතා අනාවරණය කළේය.
ණයවර ලිපියක් (LOC) ලබා ගැනීමට නොහැකි වීම, භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වීම, බදු අය කිරීම ශ්‍රී ලංකාව තුළ කිරිපිටි හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස කිරිපිටි මිලදී ගැනීමට ඇති ඩොලර් හිඟය හඳුනාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval