මෙරටින් හමු වූ ඔමික්‍රොන් වැළඳුණ මාරවිල කාන්තාව කොරෝනා එන්නත්කරණයට ලක්නොවී ඇත්තේ ඇය දරන එක්තරා ආගමික මතවාදයක් නිසා බවට කරුණු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඔමික්‍රොන් සැර කොරෝනා වයිරසය ආසාදනය වූ මෙම කාන්තාවගේ සැමියා එම කාන්තාවගේ මවුපියන් ඇයගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ 08 දෙනකු ද ඔවුන් දරන ආගමික මතවාදයන්ට අනුව එන්නත්කරණයට ලක් නොවී ඇති බවට ද කරුණු හෙළිවිණි යැයි උපුල් රෝහණ මහතා කීය.
මෙම වයිරසය ආසාදනය වූ කාන්තාව විවාහ වී ඇත්තේ මීට මාස දෙකකට පමණ ඉහත දී බව කියැවේ. මේ අතර එන්නත්කරණයට ලක්නොවී මෙම කාන්තාව ඇයගේ සැමියා සමග කටුනායක ගුවන් තොටුපොළෙන් නියිජීරියාවට විදෙස්ගත වූයේ කෙසේද? යන්න තවම රහසක් බවත් පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා ඒ ගැන සොයා බලගෙන යන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (7) පැවසීය.
මෙම කාන්තාව සහ ඇයගේ සැමියා නිවසේ නිරෝධායනයට ලක් කරනු ලැබ සිටින නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය--
Comments
Post a Comment
Your comment will be visible after approval