ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉරිදා ආරම්භ වූයේ අලංකාර සමාරම්භක උත්සවයකිනි.
 පැරා ඔලිම්පික් හි රන් සම්මාන ලාභි දිනේෂ් ප්‍රියන්ත රණවිරුවන්ගේ සුරතින් එය ඇරඹීම විශේෂයකි.


අද දිනයේ Galle gladiators කණ්ඩායම සහ Jaffna kings කණ්ඩායම අතර පැවති පළමු තරඟයේ දී පසුගිය වසරේ LPL ශූරතාවය ජයග්‍රහණය කළ Jaffna kings කණ්ඩායම පරාජය කරමින් පසුගිය වසරේ අනුශූරයන් ලෙස කිරුළු පැළඳි Galle Gladiators කණ්ඩායම සිය පළමු ජය ලබාගන්නා ලදි.
අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings පන්දු රැකීම තෝරාගත් අතර
 පිටියට පිවිසි Galle gladiators පිතිකරුවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 ක් රැස් කරන ලදි.


ධනුෂ්ක ගුණතිලක ලකුණු 8ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ගත්තේ ලකුණු 16කි.
Galle Gladiators ඉනිම ශක්තිමත් කිරීමේ වගකීම කරට ගත් නායක භානුක රාජපක්ෂ පන්දු 31ක් තුලින් වේගවත් ලකුණු 56ක් රැස් කළේය. Samit Patel පන්දු 31ක් තුළින් වේගවත් ලකුණු 42ක් රැස් කළේය.
පන්දු යැවීමේදී Jaydem Seales විසින් කඩුලු 3ක් දවාගත් අතර වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගනු ලැබුවේය.
අනතුරුව ලකුණු 165 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමට පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 110 කි.
පන්දු යැවීමේදී Samith Patel කඩුලු 3ක් දවාගත් අතර Mohhmad Hafeez සහ පුලින තරංග කඩුලු 2 බැගින් දවා ගනු ලැබිය.

ප්‍රසාද ලකුණු සටහන පහතින්