ලිට්රෝ සමාගම නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බව එම සමාගම පවසයි.
මේ අතර නැවත දැනුම් දෙන තුරු සියලුම ගෑස්, වෙළදපොළ වෙත නිකුත් නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය කියා තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ වෑගපිටියගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval