එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට නැවත පැමිණ කිලිනොච්චිය උදයනගර් පිහිටි නිවසක රැදී සිටියදී පෙරේදා සවස අතුරුදහන්වු කාන්තාවගේ මළ සිරුර ඊයේ 28 කන්දපුරම් ප්‍රදේශයේ පාලමක් යට තිබී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පැවසූවේ රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නමැති 67 හැවිරිදි කාන්තාවගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
මෙම කාන්තාව අතුරුදන් දිනයේ බැංකුවට ගොස් නිවසට පැමිණ සිටි අතරවාරයේ එලෙස අතුරුදහන්වූ බවට ප්‍රදේශවාසීන් පොලිසියට සඳහන් කර තිබුණි.
අතුරුදහන් කාන්තාව රැදී සිටි නිවසේ ලේ පැල්ලම් වැනි යමක් පැවති බව පොලිසිය නිරීක්ෂණය කරන ලදි.
ලේ පැල්ලම් කිහිපයක් හමුවී ඇති බැවින් ඇය ඝාතනය කර ඇත්දැයි පොලීසිය සැක කර තිබුණි.
අතුරුදහන් කාන්තාව ලන්ඩන් නුවර පදිංචි සිය පුතා සමඟ කලක් රැදී සිට ඇති අතර, අනතුරුව මීට වසර තුනකට පමණ පෙර නැවත කිලිනොච්චිය වෙත පැමිණ ඇත.
තම පුතා සමඟ ලන්ඩනයේ ජීවත් වූ 67 හැවිරිදි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි නමැති මෙම පස් දරු මව ශ්‍රී ලංකාවට පැමිණ වසර තුනක් පමණ වන බවත් තනිව ජීවත් වූ ඇය ඊයේ (27) බැංකුවට ගොස් පැමිණි බවත්, රාත්‍රී 7.20 ට පමණ මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවට දැනගන්නට ලැබුණු බවත් ඥාතීන් පවසා තිපබුණි..
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval