මියගිය පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ ගෝලයෙකු වන මොහු ඝාතන සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.
කලුතර බන්ධනාගාර බස් රථයෙන් රැගෙන එද්දී සමයංව වෙඩි තබා ඝාතනය කිරීම, හික්කඩුව කලූපේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු කපා කොටා තුවාල කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට පැවතිණි.
මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් දැනට බලපිටිය අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවක සැකකරුවකුද වන කටා රොෂාන් කාන්තාවකට හා තවත් පහරදීම් හතරක් සම්බන්ධයෙන්ද චෝදනා ඇති අයෙකි.
කටා රොෂාන්ගේ සම්පූර්ණ සත්‍ය නම ‘මලවැන්න කලූපේ බේරතුඩුව ප්‍රදේශයේ පදිංචි තුයියාදුර රොෂාන් කුමාර ද සිල්වා‘ ලෙස පොලිස් පොතේ සටහන්ව ඇති අතර ඔහු තිස් හැවිරිදි වියෙහි පසුවූ විවාහකයෙකු බව පොලීසිය කියයි.
ඔහුගේ භාර්‍යාවද මත් කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නියකි.
Comments
Post a Comment
Your comment will be visible after approval