jhonston-speaks

පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A 005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු. මිලියන 7,200ක් වැයකර සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මී. 86.7ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින්  මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ කීය.



“සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට. අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙනකොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදීයට අසරණ වෙලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා.
අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අති විශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජන කොටසකගේ ම ආරක්ෂාව තහවුරු කර දීලා තියෙනවා. අපි කිසි ම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ.

සියලු ම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.
මේ රටේ මුළු මාර්ග පද්ධතිය ම නවීන මාර්ග පද්ධතියක් බවට පත්කරනවා. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා පොරොන්දු වුණා කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා.
 ඉතාමත් වගකීමෙන් මම කියනවා. ඡන්ද බලාගෙන නෙමෙයි රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න වගේ ම රට දියුණු වෙන්න අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා.”