අරක්කු බීමට දී මත්වූ පසුව අවුරුදු 16 ක දැරියක දුෂණය කළේ යැයි කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාජකාරී කළ මීගමුව, දාගොන්න ප්‍රදේශයේ පදිංචි විවාහක පොලිස් සැරයන් වරයෙකි.
දැරිය දූෂණය කිරීමට අනුබල දුන් බව කියන එම දැරියගේ 31 හැවිරිදි මවද අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරියගේ මව (සැකකාර කාන්තාව) සැකකාර පොලිස් සැරයන් සමග කලක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පොලිස් සැරයන් දැරියට අරක්කු බීමට දී දැරිය මත් වූ පසුව ඇය දූෂණය කර ඇති බවත් වසරකට වැඩි කාලයක් තිස්සේ මෙය සිදුවී ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වූ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. දැරියගේ මව මේ සඳහා දිගටම සැකකරුට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය සඳහන් කරයි. දැරිය මෙම සිද්ධිය ඇයගේ ඥාති කාන්තාවකට දැනුම් දීමෙන් පසුව එම ඥාති කාන්තාව දැරියද කැටිව වත්තල පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇති බව පොලිසිය කීය. සිද්ධියට අදාළ දැරියගේ ප්‍රකාශයක් ලබාගෙන එහිදී හෙළි වූ තොරතුරු මත පොලිස් සැරයන් සහ දැරියගේ මව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කළ බව පොලිසිය පැවැසීය.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval