gamini-senarath-political

ජනාධිපති ලේකම් පී.බී. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඊයේ සවස ජනපති එය භාරගත් බව වාර්තා විය. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද? - දේශපාලන ආරංචි මගින් කරුණු කිහිපයක් හෙළිදරව් කර තිබේ. ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් වූ පසු ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කිරීමට නියමිත අතර ඔහුගේ තනතුරට යෝජිත නම් තුන අතරින් දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් මහතා පත් කිරීම ස්ථිර බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.


මේ දක්වා අගමැති ලේකම් ලෙස සිටි ගාමිණී සෙනරත් මහතාට අරලියගහ මන්දිරයේ පිහිටි සිය කාර්යාලය නිෂ්කාශනය කරන ලෙස දැනටමත් දන්වා ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා ලෙස දන්වා ඇත. මෙම වෙනස්කම් ජනවාරි මුල් සතියේ සිට ක්‍රියාත්මක වනු ඇත.
ජයසුන්දර මහතාගේ ධූරය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අනුර දිසානායක මහතා විසින් භාරගනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ගාමිණී සෙනරත් මහතා ජනපති ලේකම්වූ පසු හිස්වන  අග්‍රාමාත්‍ය ලේකම් තනතුරට අනුර පත් කරනු ඇති බව දැන් වාර්තාවේ.
පරිපාලන ක්ෂෙත්‍ර උසස් තනතුරුවල වෙනස්කම් සිදු වන්නේ යම් අවස්ථාවක දී ය
ශ්‍රී ලංකාව දැන් රටකට බලපෑ හැකි දරුණුතම ආර්ථික අර්බුදවලට ලත්ව ඇති පසුබිමක රජයේ ශ්‍රේණි තුළ දේශපාලන සටනක් පැවතීමද වියවුල් සහගතය.

ජයසුන්දර විසින් සිය දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපියේ තමන් ධුර කාලය තුළ මුහුණ දුන් ගැටලු පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇති අතර ඇතැම් වැරදි හෙළිදරව් කර ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි. නමුත් එම ලිපිය මාධ්‍යයට කාන්දු වීම වළක්වා ඇත.



මේ වනවිට පරිපාලනයේ ඉහලම පිරිස දෙදරීමකට ලක්ව ඇති අතර, ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වෙනසකට ලක්වන බැවින් තවත් කැබිනට් සංශෝධනයක් නුදුරේදීම සිදුවනු ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු මෙම වෙනස සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වත්මන් රජය 2019 බලයට පත් වූ දා සිට බොහෝ ප්‍රධාන තීරණ ආපසු හැරීම් (රිවස් කිරීම්) කර ඇති අතර ඉහළ නිලයන් සඳහා නිතර වෙනස්කම් ද සිදුකරනු දක්නට ලැබේ.

ඇතැම් ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ට අදහස් නිර්භයව ප්‍රකාශ කිරීමේ නිදහස නැති බවක් පෙන්නුම්කර ඇත. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්වලට එරෙහිව කතා කිරීම හේතුවෙන් ඔවුන් බොහෝ දෙනා ඉවත් කර ඇත.